ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට 25% ක පමණ වැටුප් වැඩිවීමක් ලැබීමට ඉඩ ඇති බව ‘ද සන්ඩේ මෝර්නින්’ පුවත්පත වාර්තා කරනවා.
මෙම වැටුප් වැඩිකිරීම වෙනුවෙන් මණ්ඩලයට මසකට රුපියල් මිලියන 750ක් පමණ අතිරේකව වෙන්කිරීමට සිදු වනු ඇති.
රජයේ ඉහළ පෙළේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් පුවත්පත පෙන්වා දෙන්නේ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් අදාළ කැබිනට් පත්‍රිකාව දැනටමත් ඉදිරිපත් කර ඇති අතර එය හෙට (2) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
ලංවිම සංඛ්‍යාලේඛනවලට අනුව මුළු සේවක වැටුප් සඳහා දැනට මසකට රුපියල් බිලියන 3ක් වැය වෙනවා.