සිය පෙම්වතා සමඟ ඇති වූ ආරවුලක් මත මුන්දලම, නවදන්කුලම ප්‍රදේශයේදී 20 හැවිරිදි තරුණියක් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.
මාරවිල ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවයේ නියුතු මෙම තරුණිය එහිම සේවකයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා.
තරුණියගේ මව පැවසුවේ, මෙම සම්බන්ධය පවුලේ අය දැන සිටි බව සහ යුවළ නිරන්තරයෙන් දුරකතනයෙන් ආරවුල් ඇති කර ගත් බවයි.
පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් ඇය කියා සිටියේ එවැනිම දුරකතන ඇමතුමක් අතර දැරිය මුහුණ සේදීමට යන බව පවසමින් පිටතට පැමිණි නමුත් ඒ වෙනුවට ඉදිරියෙන් පැමිණි දුම්රියක් ඉදිරිපිට දුම්රිය මාර්ගයේ වාඩි වූ බවයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, මෘත ශරීරය පුත්තලම මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.