වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය රජයේ වී ගබඩාවට ගොවීන් දෙදෙනෙකු විසින් වී ලබා දී තිබෙනවා. ඒ එක් අයෙකු සම්බා වී කිලෝ 398ක් සහ තවත් අයෙකු නාඩු වී කිලෝ 610ක් වශයෙන්.
කෙසේ වෙතත් පසුගිය දිනවල රජයේ වී ගබඩා විවෘතව තැබුවද ගොවි මහතුන් සිය මහ කන්නයේ අස්වැන්න වී අලෙවි මණ්ඩලය වෙත ලබා දීමට කටයුතු කළේ නැහැ. රජය බලපොරොත්තු වූ පරිදි මෙවරද වී තොග ලබා ගැනීමට මේ අනුව නොහැකි වනු ඇති බවයි ක්ෂේත්රයේ පිරිස් පෙන්වා දෙන්නේ.