ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබෙනවා.
සංවත්සරයට සමගාමීව ආගමික වතාවත් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළා.
ඒ අනුව බෞද්ධ ආගමික වැඩසටහන කොම්පඤ්ඤවීදිය, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන අතර කතෝලික දේව මෙහෙය පැවැත්වෙන්නේ මෝදර, ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානයේදී. හින්දු ආගමික පූජාව බම්බලපිටිය, කදිරේෂන් හින්දු කෝවිලේදීත්, ඉස්ලාම් දේව මෙහෙය කුරුඳුවත්ත, දවටගහ මුස්ලිම් දේවස්ථානයේදීත් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙනවා.
එසේම දිවයින පුරා මහජන සම්බන්ධතා සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන විවිධ ක්‍රියාකාරකම් ද පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.