Sat. Jun 28th, 2025

හිටපු ජනපති ආරක්ෂාවට වසරකට මිලියන 1500ක්: විස්තරය මෙන්න!

Dec17,2024 #news #police #slpolitics

හිටපු ජනපතිවරුන් වෙනුවෙන් පසුගිය මාස එකොළහකුත් සති දෙක තුළ රුපියල් මිලියන 1448ක් (ලක්ෂ 14480) වැය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල සඳහන් කරනවා. අද (17) පාර්ලිමේන්තුව අමතමින් ඇමැතිවරයා කියා සිටියේ ඔවුන්ගේ හමුදා ආරක්ෂාව ඉවත් කරන බවයි.

පහත විස්තර ඇමැතිවරයා විසින් සභාගත කරනු ලැබුවා.
මහින්ද රාජපක්ෂ –
පොලිස් නිලධාරීන් -60
ත්‍රිවිධ හමුදා නිලධාරීන් – 228
(වැයවුණ මුදල – රුපියල් ලක්ෂ 7100)

මෛත්‍රීපාල සිරිසේන –
පොලිස් නිලධාරීන් – 60
හමුදා නිලධාරීන් – 10
(වැයවුණ මුදල – රුපියල් ලක්ෂ 2070)

ගෝඨාභය රාජපක්ෂ
පොලිස් නිලධාරීන් – 22
ත්‍රිවිධ හමුදා නිලධාරීන් – 188
(වැයවුණ මුදල – රුපියල් ලක්ෂ 3070)

චන්ද්‍රිකා කුමාරතුංග
පොලිස් නිලධාරීන් – 60
(වැයවුණ මුදල – රුපියල් ලක්ෂ 1120)

රනිල් වික්‍රමසිංහ
පොලිස් නිලධාරීන් 60
හමුදා නිලධාරීන් 57
(වැයවුණ මුදල – රුපියල් ලක්ෂ 820)

හේමා ප්‍රේමදාස ( හිටපු ජනපති ආර්යාව)
පොලිස් නිලධාරීන් – 10
(වැයවුණ මුදල රුපියල් ලක්ෂ 320)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *