ඩිජිටල් ක්ෂේත්‍රය සම්බන්ධව සැලකීමට භාජනය කිරීමෙන් 15%ක ප්‍රතිශතය යෙදූ බවත් එම බදු ප්‍රතිශතය කිසිවිටක් අසාධාරණ ලෙස පනවා නොමැති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
අද (04) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් 15% බදු ප්‍රතිශතය ගැන පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ පැහැදිලි කළා.
“මෙහි දී සේවා අපනයනය කරන කෙනාට විශේෂ වාසියක් ලැබෙනවා. එයාගේ ලක්ෂ 5න් පළවෙනි 150,000 බද්දෙන් නිදහස් වෙනවා. දෙවැනි රුපියල් 83,000ට 6%යි ඉතුරු සේරටම වදින්නේ 15%යි. එතකොට එයාට විශේෂ වාසියක් එතැනදි ලැබෙනවා.
මේ වාසිය ලබා ගැනීමට එයා ඔප්පු කරන්න ඕනේ ස්වයංව තමන්ගේ බදු තක්සේරු ඉදිරිපත් කරනකොට තමුන් ඒවා සේවා අපනයනය කරලා උපයා ගත්ත එකක් කියලා. ඒ නිසා තමයි බැංකු හරහා ඉදිරිපත් කරන්න ඕනේ කියුවේ. මේකට මුවා වෙලා සමහරු බදු ගෙවිය යුතු අය නොගෙවනවාද කියන එක වෙනම කාරණයක්. එහෙම නැතිව මේක අසාධාරණ විදිහට බද්දක් පනවලා නෑ.”