පියා විසින් පදවන ලද ට්‍රැක්ටර් රථයට යට වී 11 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (03) දහවල් කාලයේ දී එම අනතුර සිදුව තිබුණේ චුන්නාකම් පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේදී.
මියගිය දරුවා ඔහුගේ පියා විසින් පදවන ලද ට්‍රැක්ටර් රථයේ පටවා තිබූ ගොයම් කපන මැෂිමට නැඟීමට උත්සහා කිරීමේදී බිමට ඇද වැටී තිබෙනවා.
එහිදී එම දරුවා ට්‍රැක්ටර් රථයේ පිටුපස රෝදයට යට වීමෙන් මරණයට පත් වී ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන චුන්නාකම් පොලීසිය විසින් සිදු කරනවා.