රත්මලාන දුම්රිය අංගනයේ තිබූ වටිනා යකඩ කොටස් සොරකම් කළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
රත්මලාන දුම්රිය අංගනයේ තිබූ දුම්රිය මැදිරිවලට සවිකරන ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් යකඩ කොටස් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් සිය භාරයට ගත්තා.
ඔවුන් ගල්කිස්ස පොලිස් ස්ථානයට භාරදීමටයි කටයුතු කෙරුණේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 29ත් අතර වයස්වල පසුවන රත්මලාන, පිළියන්දල හා මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන්.
ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.