ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරීන් මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 75 කට ආසන්න වටිනාවකින් යුත් ජංගම දුරකථන 650 ක සංඛ්‍යාවක් සමග සැකකරුවෙක් නොරෝච්චෝල කරඹ පොලිස් නාවික මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයෙ පදිංචි පුද්ගලයෙක් .
කල්පිටියෙ සිට කරඹ නාවික පොලිස් මාර්ග බාධකය හරහා ගමන් කරමින් තිබු මෙම සැක සහිත වාහනය අද(28 ) අලුයම පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී පෙට්ට් පහක අසුරාතිබූ ජංගම දුරකතන තොගය සොයා ගැනිමට හැකිව තිබෙනවා.
