හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්,යුද හමුදා නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් එක්ව හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමක දී ගංජා හේන් වගා කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් හම්බෙගමුව කෝන්ගහමඩ මහනෙටොල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
එම මෙහෙයුමේ දී හම්බෙගමුව කෝන්ගහමඩ සහ මහනෙටොල ප්‍රදේශයේ දී මහා පරිමාණයේ ගංජා හේන් දෙකක් වැටලූ බවයි හම්බෙගමුව පොලීසිය සඳහා කළේ.
එම හේන්වලගංජා ගස් දසදහසක් පමණ තිබී ඇති අතර ඒවා ගිනි තබා විනාශ කළ බවයි පොලීසිය පවසන්නේ.
සැකකරුවන් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.