ශ්‍රි ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ගුවන්විදුලි හා රූපවාහිනී යන ක්ෂේත්‍ර දෙකේම සම්මානනීය ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය ගුවන්විදුලියෙන් මාධ්‍ය ජීවිතය ආරම්භකර ඇත්තේ 1962 වසරේදීයී.
සහාය නිවේදිකාවක් ලෙස ඊට එක් වූ ඇය පිබිදෙන ගායක පරපුර වැනි අතිශ්‍යය ජනප්‍රිය වැඩසටහන් රැසක් ඉදිරිපත් කළා.
ඒ සියල්ලට වඩා ඇය විශේෂ වන්නේ මෙරට පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වීමයි.
ජාතික රූපවාහිනියෙත්/ ස්වාධීන රූපවාහිනියෙත් ඇය සේවය කළා.
අභාවප්‍රාප්ත සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.