මෙරට නිෂ්පාදිත රතු සීනි සමඟ ඉන්දියාවෙන් ආනයනය කළ සුදු සීනි මිශ්‍ර කරමින් ඉන්දියානු රතු සීනි ලෙස හඳුන්වා වෙළෙඳපොළට නිකුත් කිරිමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට පාරිභෝගික අධිකාරිය සමත්වුණා.
ඇඹිලිපිටිය ප්රදේශයේදීයි වැටලීම සිදුකෙරුණේ.
කිලෝ ග්‍රෑම් 50ක ප්‍රමාණයේ හිස් සීනි අසුරන 2500කට අධික ප්‍රමාණයක් මෙම ස්ථානයේ තිබි සොයා ගැනීමට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට හැකිවුණා.
ව්‍යාපාරිකයෙකු කලක සිට මෙම ජාවාරමේ නිරතව තිබෙනවා.
මෙසේ සකස් කළ සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 300ක් වැනි මිලකට අලෙවි කරනවා.
සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 240කට හා රතු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 300කට මෙම ව්‍යාපාරිකයා මිලදී ගෙන ඇති බවයි විමර්ෂණවලදී හෙළි වුණේ.