රටේ ඇති වූ ආර්ථික අර්බුදය ජයගත් එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා .
සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට රට සහ රටේ ජනතාව පිළිබඳව කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කර සිටින්නේ .
ආර්ථික අර්බුදය හමුවේ රට භාර නොගැනීමට හේතුවත් ලබන වසර සඳහා සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ අයවැය සැලැස්ම කුමක්ද යන්න රටට ප්‍රකාශ කරන ලෙස ඔවුන්ට අභියෝග කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා .
ශ්‍රී ලංකාවද බංග්දේශයේ ඇති වූ තත්ත්වයට ඇද දැමීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් යන අතර දැනුවත් හෝ නොදැන සජිත් ප්‍රේමදාස මහතා ඊට උදව් කරමින් සිටින බවයි වැඩි දුරටත් කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ .