Sat. Jun 28th, 2025

විපක්ෂ නායක දළදා සමිඳු වැඳපුදා ගනී

Aug16,2024

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගෙන තිබෙනවා.

දළදා මාලිගාවට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව පිළිගෙන ගෙන ඇත්තේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් .

අනතුරුව දළදා සමිදුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත පැමිණි සජිත් ප්‍රේමදාස මහතා දළදා වහන්සේට පුෂ්පෝපහාර දක්වා ආගමික වතාවත්වල නිරතව තිබෙනවා.

පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී මහා නාථ දේවාලයට, ශ්‍රී මහා විෂ්ණු දේවාලයට සහ ශ්‍රී මහා කතරගම දේවාලයට ගොස් ආශිර්වාද ලබාගනු ලැබුවා.

මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය, ගයන්ත කරුණාතිලක මහතා, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, සුජිව සේනසිංහ මහතා, හර්ෂණ රාජකරුණා මහතා, රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *