Sat. Jun 28th, 2025

විදේශීය පිඹුරන් 4ක් සහ ගැට කිඹුලෙක් හංගගෙන ඉඳලා කොටු වෙයි

Aug21,2024

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් විකිණීම සඳහා සඟවාගෙන සිටි විදේශීය පිඹුරන් සිව් දෙනෙකු සහ ගැට කිඹුලෙකු වත්තල පොලීසිය විසින් අද (21) සිය භාරයට ගෙන තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි කරන ස්ථානයක උඩු මහළ තුළ මෙම සතුන් සඟවාගෙන සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අලෙවිසැළ පවත්වාගෙන ගිය හිමිකරු සහ සේවකයන් දෙදෙනෙකු ද වත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගැට කිඹුලා ශ්‍රී ලංකාවේ වියළි කළාපීය ප්‍රදේශයක පිහිටි වැවකින් අල්ලා ගන්නට ඇතැයි සැක කරනවා.

මෙම එක් සතෙකු රුපියල් ලක්ෂ තුනකට ඉහළ මිළකට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී මෙලෙස සොයාගෙන තිබෙනවා.

මෙම සතුන් දෙහිවල සත්වෝද්‍යානය වෙත යොමු කර ඔවුන් පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *