Sat. Jun 28th, 2025

වැල්ලවාය නෙත්තමළුව රක්ෂිතයේ ගින්නක්

Aug28,2024

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් නෙත්තමළුව කඳු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න ඊයේ රාත්‍රි කාලය පුරාවටම කඳු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර රක්ෂිතයේ අක්කර විස්සකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් තිබුණා.

ගින්න අද අලුයම වන විට පාලනය වී තිබෙන අතර තැනින් තැන තවමත් ගිනිගැනීම් දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ.

ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු ව තිබෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *