පසුගිය දශක තුන පුරාවට, ලොව පුරා සමාජ ජනගහන දත්ත රැස් කිරීම, විශ්ලේෂණය සහ භාවිතය වැඩිදියුණු කිරීමෙහිලා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා තිබෙනවා.
ඒ අනුව වයස, වාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය සහ වෙනත් සාධක අනුව වෙන් කරන ලද නව ජනගහන සංඛ්‍යා, දැන් අපගේ සමාජවල විවිධත්වය වඩාත් නිවැරදිව පිළිබිඹු කරන බව සඳහන්.
මෙම ප්‍රගතිය ගෝලීය වශයෙන් සෞඛ්‍ය සේවා සැපයීම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇති අතර, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යයේ සැලකිය යුතු දියුණුවක් සහ අයිතිවාසිකම් සහ තේරීම් ක්‍රියාත්මක කිරීමේ හැකියාවට මග පාදා තිබෙනවා.
2024 ලෝක ජනගහන දිනයේ තේමාව වන්නේ කිසිවෙකු අතපසු නොකර සියල්ලන්ම ගණනය කරන්න යන්නයි.
අපගේ දත්ත පද්ධති මානව විවිධත්වයේ සම්පූර්ණ පරාසය ග්‍රහණය කර ගැනීම සහතික කිරීම සඳහා වැඩි යමක් කිරීමට අප සියලු දෙනාම කැපවිය යුතු අවස්තාවක් වර්ථමානයේ ඇතිව තිබෙන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සඳහන් කරන්නේ.