රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ,
” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙක්.
ඔහු ඊයේ (22) දින පස්වරු 04.00 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 390 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ” මැන්චෙස්ටර් ” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 21,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 108 ක් සගවා ගෙන සිටියදී , රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත් අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරීවරුන් වන ජේ.එම්.පී.ලක්ෂාන් , එච්.ආර්.එල්.එස්.බණ්ඩාර , ජේ.ඒ.වී.එස්.
බණ්ඩාර සහ පී.එස්.එස්.දීපාල් යන මහත්වරුන් විසින් සිදු කර තිබුණා
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ එස්.ඩී.අබේසේකර මහතා විසින් පවත්වා තිබූ අතර , එහිදී මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය රාජසන්තක කර මෙම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.