Mon. Jun 30th, 2025

රුපියල් 285,000 කට වෙන්දේසි වුණ අඹ ගෙඩිය

Aug15,2024

වවුනියාව, උක්කුලාන්කුලම හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 285,000 ක මුදලකට ඊයේ රාත්‍රියේ වෙන්දේසි වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පවසනවා

මෙම වෙන්දේසිය ඊයේ (14) සවස පවත්වා තිබුණේ උක්කුලාන්කුලම් සිද්දි විනායගර් කෝවිලේ පැවති වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙන් .

අදාළ වෙන්දේසියේදී මෙම අඹ ගෙඩිය මිලට ගනු ලැබුවේ වවුනියාව, උක්කුලාන්කුලම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රන් සින්දුජා නමැති කාන්තාවක්

කෙසේ වෙතත් පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේදීද මෙම හින්දු කෝවිලේම පැවති වෙන්දේසියේදී අදාළ කාන්තාව විසින් අඹගෙඩියක්
162,000 ක මුදලක් ලබාදී මිලට ගනු ලැබූ බවයි සඳහන් වන්නේ .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *