යල කන්නයේ පොහොර සහනාධාර මුදල් වශයෙන් මේ වනවිට රුපියල් මිලියන 4263ක් ගෙවා අවසන් කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
2024 යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය පොහොර මිල දී ගැනීමට ලබා දෙන මුල්‍යමය සහනාධාරයක් වශයෙන් හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තා
ඒ අනුව මෙවර යල කන්නයේ දී වී වගාව සඳහා රුපියල් මිලියන 7500ක මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇති අතර එම මුදල ලබා දීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.
මෙවර යල කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ 05ක වී වගා කිරීමට නියමිතව තිබේ. පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන මුදල් ගොවි ගිණුම්වලටම බැර කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගත් බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා පවසනවා.
මේ අනුව පසුගිය සතියේ සිකුරාදා (07) දිනය වන විට ගොවි ගිණුම්වලට යොමු කර ඇති පොහොර සහනාධාර මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 4263ක්.
ගොවීන් 383,260කගේ ගිණුම්වලට මෙම මුදල් බැර කර තිබෙනවා.
මේ වනවිට වී වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර් 284,023කි. ඒ අනුව වගා කර ඇති සමස්ත වී වගා බිම් ප්‍රමාණයෙන් සියයට 85කට පොහොර සහනාධාරය ලබා දී ඇති බවද සඳහන්
කෙසේ වුවද රජය විසින් මෙම මුල්‍ය සහානාධාර ලබා දෙන්නේ අසීමිත ගැටළු රැසක් මධ්‍යයේ බවත්, එමනිසා මෙම මුදල් යොදා ගනිමින් වී වගාව සඳහා අත්‍යවශ්‍ය බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා
බණ්ඩි පොහොර නොයෙදුවහොත් වී අස්වනු අඩුවීමට මෙන්ම ගොයම කහ පැහැතිවීමට ද ඉඩ තිබෙනවා..
එමනිසා මෙම මුදල් යොදා ගනිමින් බණ්ඩි පොහොර යෙදීම ගොවි ජනතාවගේ වගකීමක් බව ද අමාත්‍යවරයා සඳහන් කලා