Sat. Jun 28th, 2025

රනිල් වික්‍රමසිංහ ජනපතිවරණයට තරග කිරීමට නුසුදුස්සෙකු කරන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවතට

Aug28,2024

වැඩබලන පොලිස්පතිවරයා පත්කිරීමට අපොහොසත්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් නොකිරීම පදනම් කරගෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුස්සකු බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් 50,000 ක් ගෙවන ලෙසද පෙත්සම්කරුවාට නියෝග කර තිබෙනවා..

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු සාවද්‍ය ලෙස ඉදිරිපත් කර ඇති බවටත්, අයදුම්පත්‍රය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවටත් විරෝධතා ඉදිරිපත් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *