රට ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහ එකම විකල්පය බව අද මුළු රටම පිළිගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
‘ආරංචිය සුබයි’ යන තේමාව මුල් කරගනිමින් බම්බලපිටිය ලෝරිස් පටුමග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව පවසනු ලැබුවා.
පොහොට්ටුව රනිල් වික්‍රමසිංහට උදව් කරන ලද්දේ ඔහුට අභියෝග බාර ගැනීමට තිබූ හැකියාව නිසා බවත් මේ වන විට රටේ බහුතර ජනතාවද පොහොට්ටුව එදා ගත් තීරණය අනුමත කර ඇතැයි ද ඔහු පවසනවා.
මෙම මාධ්‍ය හමුව සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, පොදු ජන පෙරමුනේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේද සහභාගි වෙනු දක්නට ලැබුණා.