රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් මුහුණ දෙමින් සිටින ගැටලුකාරී තත්ත්වයන් හා ඒවා වෙනස් කිරීම සඳහා එම සංගමයේ යෝජනා මෙම හමුවේදී ජාතික ජන බලවේගය වෙත ඉදිරිපත් කළ බවයි ඔවුන් සඳහන් කළේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ඇතුළු නිලධාරි මණ්ඩලය සමඟ පැවති මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහ විධායක සභික මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන සහභාගී වී සිටියා.