Mon. Jun 30th, 2025

යල කන්නයේ දී හෙක්ටයාර් 61,075ක් කීරි සම්බා වගා කරයි

Jul23,2024

මෙවර යල කන්නයේ දී හෙක්ටයාර් 61,075ක කීරි සම්බා වී වගා කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (22) යල කන්නයේ වී වගාවේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා සිදු කළ සාකච්ඡාවක දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම කරුණු අවධාරණය කළා.

කීරි සම්බා සහල් හිඟයක් පසුගිය කාලය තුළ මෙරට පැවැ ති අතර ඊට ආදේශක සහල් ආනයනය කිරීමට පවා රජය තීරණය කළා.

මෙරට හෝටල්වල මෙන්ම සංචාරකයින් බහුල වශයෙන් භාවිතා කරන සහල් විශේෂය වන්නේ කීරි සම්බා සහල්.

නමුත් පැවැති කීරි සම්බා සහල් හිඟය හේතුවෙන් මිල ගණන් ද ඉහළ ගියා.

මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මෙවර යල කන්නයේ දී කීරි සම්බා වී වැඩි කුඹුරු ප්‍රමාණයක වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැළසුම් කළ අතර ඒ සඳහා පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නා.

ඒ අනුව කීරි සම්බා වී වගාවෙන් මෙට්‍රික් ටොන් 248,000ක අස්වැන්නක් ලබා ගැනීමට අපේක්ෂිතයි.

මෙවර යල කන්නයේ දී නාඩු (සුදු) හෙක්ටයාර් 263,122ක, නාඩු (රතු) හෙක්ටයාර් 94,027ක්, සම්බා (සුදු) හෙක්ටයාර් 27,268ක්, සම්බා (රතු) හෙක්ටයාර් 3612.8ක්, සාම්ප්‍රධායික සහල් හෙක්ටයාර් 1034ක වශයෙන් හෙක්ටයාර් 450,138ක වී වගා කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේ දී අවධාරණය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *