Sun. Jun 29th, 2025

මනූෂ සහ හරීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කරයි

Aug9,2024

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

එය නිශ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද මෙම තීන්දුව ලබාදුන්නා.

විජිත් මළල්ගොඩ,  අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම තීන්දුව ලබාදුන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *