Sat. Jun 28th, 2025

මන්නාරම සතොස මිනී වල ස්කෑන් කිරීමට නියෝගයක්

Aug9,2024

මන්නාරම සතොස සමූහ මිනී වලේ කැණීම් කටයුතු අවසන් කොට ඇතත් එම වළ පිහිටි ප්‍රදේශය ස්කෑන් පරීක්ෂණයකට ලක් කරන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් එස්.සාජිත් මහතා කැණීම් බාර නිලධාරීන්ට ඊයේ (08) නියෝග කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කලේ මන්නාරම සතොස සමූහ මිනී වළ සම්බන්ධයෙන් යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගමය විසින් ගොණු කොට තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි..

සතොස සමුහ මිනී වලේ තවත් මිනිස් අස්ථි කොටස් ඇති බවට එම සංගමය විශ්වාස කරන බව එම නඩුව ගොණු කළ පිරිස අධිකරණයට කරුණු වාර්තා කරමින් ඉල්ලා ඇත්තේ දැනට වසා දමා ඇති එම සමූහ මිනී වලේ කැණීම් කටයුතු යළි ආරම්භ කරණ ලෙසයි.

කැණීම් කටයුතු සදහා මුදල් නොමැතිකමත් සමූහ මිනී වළ මන්නාරම නගරයේ ඉතාම අඩු ඉඩක් ඇති ස්ථානයක පිහිටීම නිසාත් උද්ගත වන ප්‍රායෝගික ප්‍රශ්න නිසා එම ස්ථානයේ කැණීම් ආරම්භ කිරීමට පෙර ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම උචිත බවට විනිසුරුවරයා නියෝගයක් ලබා දී තිබෙනවා.

එම ස්කෑන් පරීක්ෂණ කටයුතු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ජෙයෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ අධීක්ෂණය හා ප්‍රධානත්වයෙන් සිදු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කැණීම් බාර නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

මන්නාරමේ එමිල් නගරයේ සංවර්ධන කටයුත්තක් සදහා පස් අවශ්‍ය වූ අවස්ථාවක 2018 මැයි මස 25 වෙනිදා පස් රැගෙන එන ලද්දේ මන්නාරමේ සතොස තොග ගබඩාව අසල පැරණි ගොඩනැගිල්ලක් කඩා දැමූ බිමකින්.

පස්ගොඩක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඇටකටු කැබලි ඇති බව දුටු කොන්ත්‍රාත්කරුවෝ මන්නාරම පොලීසියට ඒ බව පැමිණිලි කළා.

ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව එම ස්ථානයේ කැණීම් ආරම්භ කළ අතර මිනිස් ඇටසැකිළි 239 ක් එහිදී හමු විය. ඉන් 18 ක් වයස අවුරුදු 18 ට අඩු ළමයින්ගේ බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *