දඹුල්ල – බකමූණ ප්රධාන මාර්ගයේ දම්පුරගම මංසන්ධියේදී පොලිසියේ නිළධාරින් කීපදෙනෙකු සිදු කරන ලද වෙඩි ප්රහාරයකින් වන අලියෙකු මියගොස් ඇති බව ඇලහැර වනජීවී කාර්යාලය පවසනවා.
එම වන අලියාට වෙඩි තබා ඇත්තේ බකමූණ පොලිසියේ රාත්රී මුර සංචාරයේ යෙදෙන පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු බවයි සඳහන් වන්නේ
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ උස අඩි අටකින් යුත් අලියෙක්.
පොලීසියට අයත් ත්රීවිල් රථයෙන් රාත්රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිළධාරීන් කිහිපදෙනාට වන අලියා පහරදීමට යාමේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවට වෙඩි තබා ඇතැයි තොරතුරු අනාවරණය වී තිබෙනවා.