Sat. Jun 28th, 2025

පොල් ගෙඩියකින් ඇමෙරිකා ඩොලර් එකයි ශත විසිපහක ශුද්ධ ලාභයක් පුළුවන් – හලාවත වැවිලි සමාගම

Aug28,2024

පොල් ගෙඩියකින් ඇමෙරිකා ඩොලර් එකයි ශත විසිපහක ශුද්ධ ලාභයක් උපයාගත හැකි පොල්තෙල් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට රජයට අයත් හලාවත වැවිලි සමාගම පියවර ගෙන තිබෙනවා.

හලාවත වැවිලි සමාගම වතු කොට්ඨාස 08 කින් සමන්විතයි.

එහි නිෂ්පාදන කටයුතු නව මුහුණුවරකින් මේ වන විට ක්‍රියාත්මක වන්නේ එම සමාගමට ඉහළ ආදායමක් ද ලබා දෙමින්.

සමාගමේ සියලු නිෂ්පාදන එක් කර්මාන්තශාලාවක් තුළ සිදු කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඒ සඳහා ඒකාබද්ධ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම අරමුණ බවයි හලාවත වැවිලි සමාගමේ සභාපති ජූඩ් රූකාන්ත පෙරේරා මහතා පවසන්නේ.

මේ වන විට සතියකට ලීටර් 2000 ක ධාරිතාවෙන් නිෂ්පාදනය කෙරෙන පොල්තෙල් සදහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතිනවා.

එය තවදුරටත් ඉහළ නංවමින් සැපයුම් ජාලය පුළුල් කිරීම හලාවත වැවිලි සමාගමේ අරමුණයි.

මෙම කටයුතු වර්තමානයේ සිදු වන ආකාරය සභාපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බන්දුජීව හෙට්ටිආරච්චි හා පලුගස්වැව වතු කොට්ඨාසයේ වතු අධිකාරී හර්ෂ ප්‍රනාන්දු යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *