ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතිකයන්ගේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් කරන බව යාපනයේ සෙල්වා කලාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අද ( 8) නිවේදනය කළා
ජනාධිපතිවරණයට ද්‍රවිඩ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා දෙමළ සිවිල් සමාජය හා දෙමළ ජාතික දේශපාලන පක්ෂ අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරුණා
සී.වී විග්නේෂ්වරන්ගේ දෙමළ ජනතා සන්ධානය, ටෙලෝ, ප්ලොට්,දෙමළ ජාතික හරිත ව්‍යාපාරය, දෙමළ ජාතික පක්ෂය, හා සිවිල් සංවිධාන එක්ව මෙම පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇත.දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය තවම ප්‍රකාශ කර නැහැ