Sat. Jun 28th, 2025

පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක් අල්ලයි

Aug16,2024

මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝග්‍රෑම් 1000ක් පිටකොටුව ආදුරුප්පු වීදියේ ගබඩාවක තිබී සොයාගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ප්‍රසිද්ධ ආහාර ආනයන ආයතනයකට අයත් ගබඩාවක තිබී මෙම පරිප්පු තොගය සොයාගෙන තිබෙනවා

වැටලීම සිදුකළ අවස්ථාවේ පරිප්පු තොගය දිලීර ඉවත්කොට නැවත සකස්කර වෙළෙඳපොළට යැවීම සඳහා ඇසුරුම්කරමින් තිබූ බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ පරිප්පු තොගය සිය භාරයට ගෙන ඇති අතර ඒ පිළිබඳ විමර්ශන සිදුකර නඩු පැවරීමට නියමිතයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *