Mon. Jun 30th, 2025

නුවරඑළිය නගර සීමාව හා අවට ප්‍රදේශ රැසක ඝන මීදුම් තත්ත්වයක්

Jul18,2024

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නගර සීමාව හා ඒ අවට ප්‍රදේශයන් වන ශාන්තිපුර. මාගස්තොට. මී පිළිමාන, පට්ටිපොළ, කඳපොළ ඇතුළු ප්‍රදේශ රැසක අධික සුළං සහිත තද වැසි සහ ඝන මීදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එබැවින් මාර්ගවල ගමන් කිරීමේදී හා රිය ධාවනයේදී ප්‍රවේසම්කාරීව කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය හා නුවරළිය රථවාහන පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

තවද නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයන් සඳහා පැමිණෙන රියදුරන් මෙන්ම අනෙකුත් සියලුම රියදුරන් මීදුම් සහිත ස්ථානවල රථවාහන ධාවනය කිරීමේදී උචිත ආලෝක සංඥා භාවිතා කරන ලෙසත්, සාමාන්‍ය වේගයකින් රථ වාහන ධාවනය කරන ලෙසත්, නුවරඑළිය රථවාහන පොලිසිය ඉල්ලීමක් කරනවා.

මාර්ගය දෙපස ගස් හා විදුලි රැහැන් කඩා වැටීම් වැනි ආපදා තත්ත්වයක් ඇතිවිය හැකි බැවින්, මහා මාර්ගයන්හි ගමන් කරන පදිකයන් හා පොදු ජනතාවට දැඩි කල්පනාකාරීව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *