Sat. Jun 28th, 2025

නීති විරෝධී ඡන්ද පොස්ටර් සහ කටවුට් ඉවත් කිරීමට කම්කරුවන් 1,500ක් බඳවා ගැනේ

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ නීති විරෝධී පෝස්ටර් සහ ප්‍රචාරක පුවරු 169,000 කට අධික ප්‍රමාණයක් මේ වන විට ඉවත් කර ඇති බව පොලීසිය පවසනවා.

පෝස්ටර් 61052 ක් පොලිස් භාරයට ගෙන ඇති බවත්, බැනර් 613 ක් ඉවත් කර ඇති අතර බැනර් 510 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පවසනවා.

නීතිවිරෝධි ප්‍රචාරක පුවරු ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1,500කට ආසන්න පිරිසක් බඳවාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *