මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ප්රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර තිබෙනවා.
දෙමළ ප්රගතිශීලි සන්ධානය අද පැවැත් වූ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ අතර, ඊට එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මෙන්ම නියෝජ්‍ය නායකවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රි පී. දිගම්බරන් සහ වී. රාධ ක්‍රිෂ්ණන් ද එක්වුණා.