දින පහලොවක සිට ආගිය අතක් නොමැතිව සිටි සිව්දරු පියෙකු ගේ මළසිරුරක් නාගොඩ වෙල් යායක තිබී හමුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අගලවත්ත, හැළඹ , ප්රදේශයේ පදිංචිව සිටි පී.එච්. සිරිසේන නමැති 82 හැවිරිදි සිව්දරු පියෙක්.
මියගොස් ඇති පුද්ගලයාගේ ළඟම ඥාතීන් විසින් මෘත දේහය හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.
මියගොස් ඇති තැනැත්තා පසුගිය 8 දා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිට ඇති බවත් එදින සිට ආගිය අතක් නොමැතිව සිට ඇති බවත් පොලිසිය ප්රකාශ කළා
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පරීක්ෂණ සිදු කරනවා.