Sun. Jun 29th, 2025

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි

Aug20,2024

පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පසුගිය 18 වනදා එම පහරදීම සිදුකර ඇති අතර අදාළ පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින විටදී ඊයේ (19) උදෑසන මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, නාරම්මිණිය පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙක්.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකර ඇති බවත්, මරණකරුට පුද්ගලයන් පිරිසක් විසින් පහරදී ඝාතනය කර ඇති බවත්, විමර්ශනයේදී අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.

අපරාධය සඳහා භාවිතා කළ පිහියක්ද සමඟ සිද්ධියට සම්බන්ධ 24 හැවිරිදි කොට්ටුකච්චය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *