ඉදිරි පැය 24 සදහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සිටින ධීවර සහ නාවික ප්‍රජාව ගොඩබිමට පැමිණෙන ලෙසටයි කාලගුණ අංශ දැනුම් දෙන්නේ.
නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයවීම හේතුවෙන් මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර තද සුළං ඇතිවිය හැකි බවටයි දැනුවත් කෙරෙන්නේ.
