Mon. Jun 30th, 2025

ජනපති රනිල්ගේ සහායට පුළුල්ම සන්ධානයක් – දුමින්ද

Aug14,2024

ලංකාවේ දැවැන්තම දේශපාලන සන්ධානය අද බිහි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.

පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ නව සන්ධානය මෙම පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානය බිහිකිරීමට කටයුතු කළා.

මෙහි නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාට හිමිව ඇති අතර ලේකම් ධුරය ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයාට හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත,මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *