Sun. Jun 29th, 2025

ගුවනෙන් ඇවිත් පහසුවෙන් යන්න නව බස්රථ සේවාවක්

Aug15,2024

ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ මෙතෙක් පැවති විශාලතම ගැටළුවකට විසදුමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ , කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන වලට සුඛෝපභෝගී බස් රථ සේවාවක් (Air Port Terminal Shuttle Service ) (15) ආරම්භ කළා.

ඒ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම නව බස් සේවාව ගුවන් තොටුපොළ හා සහ ගුවන් සේවා සමාඟම , ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය , පෞද්ගලික බස් රථ ඒකාබද්ධ වී සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව ගුවන් තොටුපොළෙන් පිටත් වන මෙම බස් රථ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ , අතරමැද නැවැත්වීමකින් තොරව සිය ගමනාන්තය කරා පිවිසෙන බවයි වැඩිදුරත් රංජිත් මහතා කියා සිටියේ.

මෙම නව බස් රථ සේවාව සඳහා බස් රථ 10 ක් යොදවා ඇති අතර , එක් ගමන් වාරයක් සදහා රුපියල් 3,000 ක මුදලක් එක් මගියෙකුගෙන් අය කෙරේ.

(15) උදෑසන 11.45 ට මෙම නව බස් රථ සේවාවේ පළමු බස් රථය කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කරා පිටත් වුණා.

එහිදී කටුනායක ගුවන් තොටුපොළ තුළ පැවති උත්සවයේ දී අදහස් දැක්වූ රංජිත් රූබසිංහ මහතා කියා සිටියේ,

ලෝකයේ සෑම ප්‍රධාන ගුවන් තොටුපොළකම පැමිණෙන ගුවන් මගීන් සදහා සිය ගමනාන්ත කරා පිටත්ව යාමට දුම්රිය සහ බස් රථ සේවා , එම ගුවන් තොටුපොළේ සිට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් , කටුනායක ගුවන් තොටුපොළ තුළ එවැනි පහසුකමක් මෙතෙක් නොපැවති අතර , එම ගැටළුවට විසදුමක් ලෙස මෙම ” එයාර් පෝට් ෂටල් සේවා ” බස් රථ සේවාව ආරම්භ කළ බවයි.

මෙහිදී තවදුරත් අදහස් දක්වූ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා කියා සිටියේ විදේශිකයන්ගෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් මෙරට තුළ දී හොදින් රැක බලා ගැනීමේ වගකීම අප සතු බවත් , ඔවුන්ට වඩාත් පහසුවෙන් ඒ සඳහා අවකාශ ලබා දීමට මෙම නව බස් රථ සේවාව ඉවහල් වන බවත් ඒ මහතා පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *