Sat. Jun 28th, 2025

ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයේ සැකකරුවන් තුන්දෙනෙක් අත්අඩංගුවට

Jul31,2024

ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයේ සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වදුලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී පසුගිය 25 වනදා පුද්ගලයෙකු හා කාන්තාවක වෙඩි තබා ඝාතනය කර තිබුණා.

ඔවුන් සිය ත්‍රී රෝද රථය තුළ සිටියදීයි මෙසේ ඝාතනය කර තිබු බවයි පොලිසිය පවසන්නේ.

එම දිවිත්ව ඝාතනය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මෙම ඝාතය සිදුකළ වෙඩික්කරු හා ඝාතනය සඳහා පැමිණි යතුරු පැදියේ පැදික්කරු සහ ඊට අනුබල දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් වැල්ලම්පිටිය හා ඔරුගොඩවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *