ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (19) දින කොළඹ වරායට පැමිණ තිබෙනවා .
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමටයි කටයුතු සිදු කරනු ලැබුවේ .
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke – class destroyer වර්ගයට අයත් ‘USS Spruance’ නෞකාව, දිගින් මීටර් එකසිය හැටක් (160 ) හා නැව් මුළුව තුන්සිය තිස් අටකින් (338) සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Thomas Adams කටයුතු කරනු ලබයි.
තවද, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘USS Spruance’ නෞකාව 2024 අගෝස්තු මස 20 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි .