Tue. Apr 29th, 2025

කොළඹට එකතුවෙන අලුත්ම සුපිරි හෝටලය

Apr19,2024

කොළඹ නගරයට එක්වන අලුත්ම, දැවැන්ත, අතිසුඛෝපභෝගී, සුපිරි හෝටල් සංකීර්ණය වන ITC Ratnadipa Colombo එළඹෙන සතියේ දී විවෘත වීමට නියමිත බව වාර්තා වේ.

කීර්තිමත් ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් මෙම හෝටලය ඉදිකර තිබේ.

මෙය ඉන්දියාවෙන් පිටත විවෘත කෙරෙන පළමු ITC හෝටලය වේ.

කොළඹ ගාලුමුවදොර අවකාශයට එක්වන මෙම සුපිරි හෝටලය, මෙරට පළමු වරට දැකගත හැකි AHASA ONE Sky Bridge අහස් පාලමෙන් යුක්ත වීම විශේෂත්වකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *