Sun. Jun 29th, 2025

ක්ලබ් වසන්ත ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

Aug7,2024

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ තවත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු අතුරුගිරියේ දී වෙඩි තබා ඝාතනය කර සිව්දෙනෙකුට තුවාල සිදුකර තිබුණේ ජූලි මස 8 වනදායි.

එම සිද්ධියට අදාළව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය සිදුකළ විමර්ෂණවලදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේ දී අත්අඩංගුවට ගත් මෙම සැකකරු 36 හැවිරිදි දර්ගා නගරයේ පදිංචිකරුවෙක්.

ඔහු ඝාතන සිද්ධියේ සැකකරුවන්ට කුලී නිවසක් ලබාගැනීම හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරියට රැගෙන ඒමට වෑන් රථයක් සම්බන්ධ කර දීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී හෙළි වු තොරතුරු මත මෙම ඝාතන සිද්ධියේ වෙඩික්කරුවන් දක්ෂිණ අධිවේගී මාර්ග ඔස්සේ භාවිත කළ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කර තිබියදී සොයා ගැනුනා.

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *