Sun. Jun 29th, 2025

උඩවලව රක්ෂිතයේ මී කැඩීමට ගිය පුද්ගලයකුට වනඅලි ප්‍රහාරයක්

Aug12,2024

උඩවලව ජාතික වනෝද්‍යානයේ හම්බෙගමුව කොටසට අයත් ගොමගල ගල් අමුණ ප්‍රදේශයේ දී එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා .

මී කැඩීම සඳහා මෙම පුද්ගලයා තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ උඩවලව රක්ෂිතයට ඇතුළු වී ඇති අතර එහිදීයි මෙම පුද්ගලයාට වනඅලියෙක් පහර දී
තිබෙන්නේ .

එම ප්‍රහාරය නිසා මෙම පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි සමරකෝන්
විජේසිංහලාගේ ජිනදාස නැමති වයස අවුරුදු පනස් දෙකක පුද්ගලයකු බවයි පොලිසිය ප්‍රකාශ කළ සිටියේ .

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය අද (11) සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්
විසින් ඉදිරි විමර්ශන සිදුකරනවා .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *