Tue. Jul 1st, 2025

ඉන්දීය ධීවරයින් 35ක් නාවික හමුදා භාරයට

Aug9,2024

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු වයඹ මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමග වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඔවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

එහිදී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා හතරක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් කල්පිටිය නාවික නෞකා විජය ආයතනය වෙත රැගෙනවිත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *