Sun. Jun 29th, 2025

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 සිට 30 දක්වා

Jul9,2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.

පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අධික පිරිසට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් හාරලක්ෂ පනස්දහස් නවසිය විසි හතරක් (450,924) ලැබී ඇති අතර ඒ අතරින් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීම මෙම මාසය තුළ අවසන් කිරීමට නියමිතයි.

අස්වැසුම පළමු අදියර සඳහා 1854,000ක් සුදුසුකම් ලබා ඇති අතර ඒ සඳහා රුපියල් බිලියන 58.5ක මුදලක් රජය විසින් වෙන් කෙරුණා.

එම පළමු අදියරට අයදුම් කිරීමට නොහැකි වූ හෝ මගහැරුණු පිරිසට නැවත අයදුම් කිරීමට අවස්ථාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ලබාදී තිබෙනවා

සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දීම සිදු කෙරෙනවා .

මේ අතර ක්ෂේත්‍ර තොරතුරු එක් රැස් කිරීම කාර්යක්ෂම කිරීම සඳහා ඡායාරූප ගැනීම, භූ සිතියම් ගැනීම හා හඬ පටිගත කිරීමේ පහසුකම් ද සහිත නව ජංගම යෙදුම් මෘදුකාංගයක් ( Mobile App) සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව ජංගම යෙදුම් මෘදුකාංගය මඟින් තොරතුරු එක් රැස් කිරීම නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *