Sun. Jun 29th, 2025

අනුරපුර පොත් වසන්තය ඇරඹෙයි

Aug23,2024

වාර්ෂිකව පවත්වන අනුරාධපුරයේ දැවැන්තම පොත් ප්‍රදර්ශනය වන අනුරපුර පොත් වසන්තය ඊයේ (22) ආරම්භ කෙරුණා.

ඒ අනුව ඊයේ (22) සිට එළඹෙන 29 වන දා දක්වා අනුරාධපුර කීල්ස් සුපර් අසල ඇති ගොඩනැගිලි සංකීර්ණයේ දී ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

සිව්වන වරටත් පවත්වන මෙම ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකාවේ නම් දැරූ ග්‍රන්ථ ප්‍රකාශකයින් රැසක් එක්ව සිටිනවා.

අනුරධපුර මහ නගර සභාව හා ප්‍රබුද්ධ සංස්කෘතික පදනම එක්වෙමින් මෙම ප්‍රදර්ශනය පවත්වනු ලබයි. සුවිශේෂි වට්ටම් සහිතව ඉතා වටිනා ග්‍රන්ථ මිල දී ගැනීමට මෙය අනගි අස්ථාවක්.

සමාරම්භක උත්සවයට එක්වෙමින් රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර මහතා සඳහන් කළේ අනුරාධපුර සියලුම දෙමාපියන්ට හා දරුවන්ට මෙම අත්දැකීම විදගැනීමට ලැබීම ඉතාමත් භාග්‍යයක් බවයි.

මනුෂ්‍යත්වය පිරි බුද්ධිමත් සමාජයක් බිහිකර ගැනීමට නම් කියවීම නියත වශයෙන්ම සමාජය තුල ප්‍රවර්ධනය කළ යුතු බවත්, අනුරපුර පොත් වසන්තය එයට මහා තෝතැන්නක් බවත් මහාචාර්යවරයා සඳහන් කළා.

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර, දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර, ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ, නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ, නැගෙනහිර නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් සම්පත් ධර්මදාස යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්, කලාකරුවන් ඇතුළු පිරිසක් ප්‍රර්ශනයේ ආරම්භක අවස්ථාවට සහභාගී වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *