ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස අකිල එල්ලාවල මහතා පත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා සභාපති ධූරය සඳහා යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතිඥ) ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා විසින් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් එම යෝජනාව ස්ථිර කර තිබෙනවා.
උක්ත කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීතිඥ) නාමල් රාජපක්ෂ මහතා එම කාරක සභාවේ සාමාජිකත්වයෙන් සහ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් සභාපති ධූරයේ ඇති වූ පුරප්පාඩුව සඳහා 2024.08.08 දින පැවති රැස්වීමේදී මෙම පත්කිරීම සිදු කෙරුණා.