Sun. Jun 29th, 2025

හොරෙන් එංගලන්තයට පනින්න ගිය 24රේ තරුණිය

Jun17,2024

ව්‍යාජ ගමන් බලපත්‍රයක් හරහා එක්සත් රාජධානිය වෙත පළා යෑමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක්.

ඇයට මෙම ගුවන් ගමන සඳහා සහාය වෙමින් සිටි තැරැව්කරුවෙකු ද එහිදී අත්අඩංගුවට ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පවසනවා.

ඔවුන් ඊයේ (15) දින රාත්‍රී 08.25 ට දෝහා වෙත පිටත්ව යාමට නියමිත කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඇය සියලුම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර විගමන කටයුතු සදහා විගමන සේවා කවුළුව වෙත පැමිණ ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙම ගමන් බලපත්‍රයෙහි ඇති ජායාරූපය ඇයගේ නොවන බව නිරීක්ෂණය වීම නිසා ඇය ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා.

එම නිලධාරීවරයා ඇය සමග ඇයගේ සියලුම ලියකියවිලි දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී ඇති අතර එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී වෙනත් කාන්තාවකගේ ගමන් බලපත්‍රයකට මෙම තරුණියගේ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස මෙම ගමන් බලපත්‍රය සකස් කර ඇති බව තහවුරු වී තිබෙනවා.

මෙහිදී මෙම තරුණිය සමග එක්සත් රාජධානියේ ගමන් බලපත්‍රයක් හිමි මානිපායි ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු ද ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔහු මෙම තරුණිය එක්සත් රාජධානිය වෙත රැගෙන යාමේ තැරැව්කරු ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයා බවට කරුණු අනාවරණය වීමෙන් පසු ඔහු ද ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *