මහනුවර පැවැති කේක් ප්රදර්ශනයක ඡායාරූප ලබාගත් ඡායාරූප ශිල්පියෙකු එහි සංවිධායකවරියට වට්ස් ඇප් ඔස්සේ යොමු කළ එම ඡායාරූප සමඟ නිරුවත් ඡායාරූපයක් යවා තිබෙනවා .
එම හේතුවෙන් අදාළ කාන්තාව කළ පැමිණිල්ලකට අනුව මහනුවර පොලීසියේ පරිගණක අපරාධ ඒකකය මගින් අදාළ ඡායාරූප ශිල්පියා සැකපිට අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ .
කේක් ප්රදර්ශනයේ ඡායාරූප සමඟ මෙම නිරුවත් ඡායාරූපය අත්වැරදීමකින් අදාළ කාන්තාව වෙත යොමු වූ බව ඡායාරූප ශිල්පියා පවසා තිබෙනවා .
මෙම ඡායාරූප ශිල්පියා හැට හය හැවිරිදි පුද්ගලයෙක් වන අතර මෙම පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි පොලිසිය කටයුතු කර තිබෙන්නේ