ශ්රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී අද (16) අළුයම පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
වෙඩිතැබීමෙන් තුවාල ලැබූ 26 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
ඔහු කාවන්තිස්ස පුර, ශ්රී පුර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා